ඔබේ ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමේ බලයත්, ශක්තියත් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි. එම නිසා තමන්ගේ ගම, නගරය දියුණු කිරීමට ගම හදන ආණ්ඩුවක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඔබේ මනාපය ලබාදෙන්න යැයි මම ඔබට මතක් කිරීමට කැමතියි.
අප රට තුල ඇතිකර තිබෙන සංවර්ධන ක්‍රියාදාමය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. අප ලබාගත් ජයග්‍රහණය නැවත වතාවක් තහවුරු කර ගත යුතුයි. ඒ වගේම අපේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සකසා ගනිමින් අප ඉදිරියට යා යුතුයි. රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදිය යුතුයි. දේශපාලන පලිගැනීම් නතර කළ යුතුයි. අභියෝග මැද අපි රටේ ආණ්ඩු බලය ලබා ගත්තා. දිවයින පුරාම අප ආරම්භ කර තිබෙන මේ සංවර්ධනය ගමට ගෙන ඒමට නම් ගම හදන ආණ්ඩුවක් ඇතිකිරීමට නම් ඔබ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්න. ඒ සඳහා ඔබ සියළු දෙනාගේම සහයෝගය ලැබේවි යැයි මම බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන ආයතන තුල එක්සත් ජාතික පක්ෂය තනි බලයක් ලබා ගනිමින් කිසිම ගැටළුවකින් තොරව රටේ දියුණුව ගමට ගෙන ඒමට අවශ්‍ය බලය අපට ලබාදෙන්න. ඒ සඳහා ඔබේ කොට්ඨාශයේ එක්සත් ජාතික පාක්ෂික අපේක්ෂකයා ඉදිරියෙන් කතිරය ගසන්න යැයි මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර පැවති එක්සත් ජාතික පක්ෂයේ මංගල ප්රචාරක රැලියට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයයි.