ජනාධිපතිධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා නීතිමය උපදෙස් දුන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තොරතුරු අනාවරණය කරගෙන තිබේ. වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 5 ද 6 ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා තමා සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකුද ශ්‍රීලනිප ආණ්ඩුවකට එකතුවිමට සිටින බවද ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රකාශ කර ඇතැයි ආණ්ඩුවේ එ.ජා.ප පසුපෙළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ සංවිධායකධූරයෙන්ද ඉවත් කර සිටින මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර වන අනෝන්‍ය අවබෝධය බිදවැටීමට කාරණයක් වන බැවින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා කීවේය.