අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රැස්වීමෙන් නැගිට යාම් නිසා උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. හරීන් ප්‍රනාන්දු , එස් එම් මරික්කාර් , සුජීව සේනසිංහ සහ චමින්ද විජේසිරි යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත එල්ල කරන විවේචනයන්ට විරෝධය දැක්වීමක් ලෙස තමා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට වුවද සූදානම් බව පවසමින් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වී තිබේ.
පසුව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර පැයකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව යළි කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කර තිබේ.
එහිදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය හා සුසිල් ප්‍රේමජයන්ත යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් අග්‍රාමාත්‍යවරයාට කරන චෝදනා පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.අනතුරුව දෙපාර්ශවය දෙපාර්ශවයටම චෝදනා කිරීම වහාම නවතා දැමීමේ එකඟතාවය මත ඉදිරි කටයුතු සිදුකෙරුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසීය.