මෛත්‍රී පක්‍ෂ නායකයින්ට නොකියා කරේ ලොකු වරදක්.

0
484

වත්මන් ජනාධිපතිවරයාගේ ධූරකාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශනය විමසීමේ ක්‍රියාව හේතුකොට ගෙන යහපාලනය පිළිබඳ ජාතික රජය නියෝජනය කරන හවුල්කාර පක්ෂ උග්‍ර දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියි. ජනාධිපතිධූර කාලය වසර 5 ක්ද 6 ක්ද යන්න පිළිබඳව උපදේශනයක් දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබුනි.

ජනාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලිම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන තෙක් යහපාලන ජාතික රජයේ පක්ෂ නායකයින් කිසිත් නොදැන සිටි බව ඔවුන් තමන්ට දැනුම් දුන්නේයැයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරිමට කටයුතු කළ පක්ෂ කිසිවක් දැනුවත් නොකර ඉහත උපදේශය පැතිම හේතුවෙන් උග්‍ර දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ නායකයින් කී බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.

වත්මන් ජනාධිපතිධූර කාලය පිළිබඳව උපදේශනයක් නොවිමසුවද 2019 ඔක්තෝම්බර් මාසයේදි මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව පවතියි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය යොමු කළ අවස්ථාවේ ඉහත විමසිම කළේනම් වසර 5 ද 6 ද යන කාලයට අදාළව තම අභිමතය පරිදි නිතිය හමුවට යාමට උනන්දුවන පාර්ශවයන්ට යා හැකිව තිබෙන බවද හිටපු දිසා විනිසුරු අනුර සෙනවිරත්න මහතා පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදි අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් මතය විමසා ඇත්තේ ජනාධිපතිධූර කාලය පිළිබඳව උපදේශනයක් බැවින් පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ගනු ලබන ස්ථාවරය තින්දුවක් ලෙසවත් සැලකිය නොහැකි යැයිද හිටපු දිසාවිනිසුරු අනුර සෙනවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉහත පසුබිම යටතේ රජයේ හවුල්කාර පක්ෂ මෙන්ම නීති ක්ෂේත්‍රය තුළද අතිශය ගැටළුකාරි තත්ත්වයක් නිර්මාණය වන බවද අනුර සෙනවිරත්න මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here