ඌව පළාත් සභාවේ මාසික රැස්වීම ඊයේ සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
පළාත් සභා රැස්වීම් ශාලාවේදී රැස්වීම ආරම්භවීමත් සමග ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා ගුරුවරියක් දණ ගැස්සුවා යයි කියන චෝදනාවක් මාධ්‍යයේ ප්‍රචාරය වී තිබීම නිසා සභාව උණුසුම් විය.ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එම්.සචිත්තානන්දන් මහතා විසින් කරුණු දැක්වීමත් සමඟිනි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා නවගත්තේගම ගුරුවරිය දණ ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාටත්,කාන්තාවන් 100ක් දූෂණය කළ පුද්ගලයාගේ බිරිඳටත්,සෙල්ලම් පිස්තෝල සිද්ධියට සම්බන්ධ නගරාධිපතිවරයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම දැඩිව විවේචනය කරන ලදී.