කුමන්ත්‍රණයක් හෙළිවෙයි.

0
482

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වාර්තාවට අදාළව පැවැති විවාදයේදි අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා පැමිණවිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහෙයවිමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු මුල්වි ක්‍රියාකළ බව අනාවරණය කරගෙන තිබේ.

පූර්ව සුදානමක් ඇතිව සහ සැලසුම් සහගතව අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙහෙයවිමට පැවැත්වූ රහස් සාකච්ඡා කිහිපයක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබි ඇත.

ඊට අමතරව කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කලහකාරිව හැසිරවිමට පෙළඹවූ අකාරය ශ්‍රීලනිප ඇමතිවරුන් තිදෙනෙකු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හේතු සාධක ඇතිව විස්තර කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පැවැත්විමට නියමිත විවාදයේදි ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට අදහස් දැක්විමට නොහැකි අකාරයට දියත් කෙරුණු ඉහත වැඩපිළිවෙල නිසා තමන්ට පැවසීමට තිබු අදහස් කිසිවක් පැවසිමට නොහැකි වූ බව මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට ද කරුණු වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here