තෙවසර සැමරුමට – ස්මාර්ට් මීටර

0
367

ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසින් නිෂ්පාදනය කරනු ලබන ස්මාර්ට් මීටර (සුහුරු මනු) ඊයේ දිනයේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ පරීක්‍ෂාවට ලක්විය.

ඒ බණ්ඩාරගම,වල්ගම පිහිටි අන්ටේ ලෙකෝ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී.

මෙම කර්මාන්ත ශාලාව 2017 ජනවාරි මස 30 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.මේ වන විට ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගික අවශ්‍යතාවයට මෙන්ම අපනයන ඉල්ලුමටද සරිලන පරිදි ස්මාර්ට් මීටර (සුහුරු මනු) නිෂ්පාදනය කරනු ලබයි.

මෙහි දෛනික නිෂ්පාදන ධාරිතාවය ස්මාර්ට් මීටර (සුහුරු මනු) 2000ක් පමණ වේ.මෙම අවස්ථාවට ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපති ලාල් ගුණසේකර,සාමාන්‍යධිකාරී එච්.එන්.ගුණසේකර යන මහත්වරුන් ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහ සේවකයින් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here