එජාප ඇමතිවරු ජනපතිගෙන් කරන විශේෂ ඉල්ලීම මෙන්න.

0
438

බරපතල වංචා සෙවීම පිලිබඳ ජනාධිපති කොමිසම අදියර දෙකක් යටතේ වාර්තා ඉදිරිපත් කර ඇත.ඒ අනුව සිදුවීම් 34කට අදාළව මේ වන විට ජනාධිපතිවරයා වෙත වාර්තා භාර දී අවසන්.

එම සිදුවීම් වලට අදාළ පුද්ගලයින් සහ එමඟින් සිදුව ඇති එක්,එක් අලාභයන් වල ප්‍රමාණය වහාම මාධ්‍ය මඟින් රටට හෙළිදරව් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතයි.

එසේ නොවන්නේ නම් බැඳුම්කර සිද්ධිය පිලිබඳ පාර්ලිමේන්තුවේ සාකච්චා කෙරෙන අතරතුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට අදහස් කර ඇති බව වාර්තා වේ.

මේ වාර්තා කොටසකි.

1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.

2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.

3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.

4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.

5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.

6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.

7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.

8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.

9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.

10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.

11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.

12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.

13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.

14. සතොසට අදාළ වාර්තාව.

15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.

16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.

17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here