බැඳුම්කරේ මුදල් නැවත අය කරගන්න බැහැ

0
228

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව අවලංගු නොකර කොමිසම කර ඇති නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි බව  හිටපු මහේස්ත්‍රාත් සහ  දිසා විනිසුරු ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුර සෙනෙවිරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශයේදී කිසිම තැනකදී ප්‍රශ්නගත නිකුතුව අවලංගු කරන්නැයි කොමිසම නිර්දේශ කර ඇති බවට සඳහනක් නැතැයිද අනුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

කාර්ය පටිපාටියේ යම් දෝෂයක් තිබුණද නීත්‍යානුකූල ආකාරයට බැඳුම්කර නිකුතුව නිකුත් කර ඇති හෙයින් එය අවලංගු නොකර කොමිසමේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතැයි නීතීඥ අනුර සෙනෙවිරත්න මහතා කියයි.

බැඳුම්කර නිකුතුව අවලංගු කරන තෙක් ආයෝජනයට යෙදවූ මුදල් නැවත අය කර ගැනිමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන අනුර සෙනෙවිරත්න මහතා කාර්ය පටිපාටියේ දෝෂ තිබූ පලියට බැඳුම්කර නිකුතුවට ආයෝජනය කළ මුදල් නැවත ගැනිමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්නගත බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here