රනිල්ගේ මැදිහත්වීමෙන් කැපුණු නම කාගෙද?

0
713

ශ්‍රී ලංකාවේ පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකුගේ පුතකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරිමේ වෑයම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ අළුයම් කාලයේදි වලක්වනු ලැබීය.

මේ වන විට විදේශගතව ඇතැයි සැක කරන අදාළ ජාවාරම්කරුගේ පුත්‍රයා කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරිමට දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් දැඩි වෑයමක් ගෙන තිබුනි.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ අළුයම 3.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් නියෝගයකට අනුව අදාළ පුද්ගලයාගේ නම කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here