ස්වභාවික දේශගුණික විපර්යාස හා හදිසියේ ඇතිවන තත්ත්ව වලදි දේශිය කෘෂිකර්මාන්තය කඩා වැටිම වළක්වා ගැනිම සඳහා අවශ්‍ය පියවර ගැනිමට ගෘහස්ත අය වැය කාර්යාලයක් වහාම ස්ථාපිත කෙරේ.
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයට අදාළ සියළු අංශ ඒකාබද්ධ කරමින් නව කාර්යාලය ස්ථාපිත කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය.
ගෘහස්ත අය වැය කාර්යාලය කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, ධිවර හා ජලජ සම්පත්, වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මෙන්ම ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා නම් කරන නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විතව ක්‍රියාත්මක කෙරෙයි.
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයට අදාළ සියළු අමාත්‍යාංශ එකම වහලක් යටට ගෙන ක්‍රියාත්මක වන වැඩසටහනක් ආරම්භ වන්නේ ඉතිහාසයේ පළමුවතාවට බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
රටේ විටින් විට ඇතිවන ස්වභාවික විපත් හමුවේ වගා කළයුතු භෝග, කෘෂිභෝග වැපිරිය යුතු කාල සිමා, අස්වනු ගබඩා කිරිම් ආදි සියළු කටයුතු තිරණය කිරිම නව ගෘහස්ත අය වැය කාර්යාලය මගින් තිරණය කිරිමට නියමිතය.
ගෘහස්ත අය වැය කාර්යාලය පිහිටුවිමෙන් අනතුරුව මෙරටට ආනයනය කළයුතු ආහාර ප්‍රමාණය ගැන තිරණය කිරිමද එම කාර්යාලයට පැවරේ.