ඊයේ රෑ පුරා අජිත් – කබීර් සිරිකොතේ හිටියේ ඇයි?

0
1148

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ රාත්‍රී 8 සිට අද උදෑසන 8 දක්වා සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ රැඳී සිට ඇතැයි වාර්තා වේ.

ඒ හොරණ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක නීතීඥ හේමන්ත වික්‍රමාරච්චි මහතා විසින්,හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් දාබරේ මහතාට නාමයෝජනා ලබා නොදෙන බව සඳහන් කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්වය හේතුවෙන්.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත්තේ තමා කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස පක්‍ෂය අසීරු අවස්ථාවේ තාඩන,පීඩනවලට ලක්වෙමින් පාක්‍ෂිකයින් ආරක්‍ෂා කළ ප්‍රාදේශීය නායකයෙකුට හිතුවක්කාරී ලෙස නාමයෝජනා ලබා නොදෙන්නේ නම් තමා ඊට එරෙහිව පෙනී සිටින බවයි.

අද අලුයම එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් දාබරේ මහතාට නාමයෝජනා ලබා දෙන ලෙස උපදෙස් දීමත් සමඟ උදෑසන ගැටළුව සමථයකට පත්වී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here