හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එරෙහි ස්වාධීන කණ්ඩායමක් මහරගම නගර සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
අද දිනයේ ඒ වෙනුවෙන් වූ ඇප මුදල් තැන්පත් කර තිබේ.
පසුගිය වරෙක එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහරගම නගර සභාව සඳහා තරඟ වැදී පරාජයට පත් වූ රුවන් සේනාරත්න මහතාගේ නායකත්වයෙන් මෙම ස්වාධීන කණ්ඩායම තරඟ වදිනු ඇති.මෙම කණ්ඩායම සඳහා හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පූර්ණ සහය හිමිවන බවට අනාවරණය වී ඇත.