බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ එහි සිට අර්ජුන අලෝසියස් සමඟ එම කමිටුව නියෝජනය කළ මහත්වරුන් දුරකථනයෙන් කතා කර ඇති බවට තොරතුරු වාර්තාවේ.
දේශීය ජංගම දුරකථන දන්ත විශ්ලේෂණයේ දී හෙළිව ඇත්තේ පාර්ලිමේන්තුව ආසන්න සංඥා කුළුණ ඔස්සේ දුරකථන පණිවුඩ හුවමාරු සිදුව ඇති බවයි.
කෝප් කමිටුවේ නියෝජනය කළ දයාසිරි ජයසේකර මහතා දුරකථන පණිවුඩ දෙකක් ද, සුජීව සේනාසිංහ මහතා දුරකථන පණිවුඩ 62ක් ද, හර්ෂණ රාජකරුණා මහතා දුරකථණ පණිවුඩ 23ක් ද අජිත් පී. පෙරේරා මහතා දුරකථන ඇමතුම් 2ක් ද හෙක්ටර් අප්පුහාමි මහතා දුරකථන ඇමතුම් සංවාද 23ක් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.
එහෙත් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ තමන් ලියන ලද බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ඇත්ත නැත්ත ග්රන්ථයට අදාළ තොරතුරු ලබා ගැනීමට ඇලෝසියස් මහතාට කතා කළ බවයි.
එහෙත් සේනසිංහ මහතා ග්‍රන්ථය එළිදක්වා ඇත්තේ 2015 ජුනි 27 වන අතර පොදු ව්‍යාපාර කාරක සභා කමිටුව රැස්ව ඇත්තේ 2016 /මැයි 6 සිට ඔක්තෝබර් 28 වන කාලය තුළදීය.
2016 ජුලි 7 වන දින ඇමැතුම් 36ක් අලෝසියස්ට ගෙන ඇති අතර ඇලෝසියස් මහතා සේනසිංහ මහතාට ඇමතුම් 26න් ලබාදී ඇති බව අර්ජුණ ඇලෝසියස් මහතාගේ දුරකථන පරීක්ෂාවේදී හෙළි වී තිබේ.