නෛතික බාධාවක් නැති තැන්වල ඡන්ද තියන්න – කැෆේ

0
305

ඡන්දය කල් දමා ගැනීමේ දේශපාලන අරමුණ ඇති පෙත්සම්කරුවන් හරහා අධිකරණය මගින් ඡන්දය කල් දමා ගැනීමේ ගිලටීනයට හසුව නැති පළාත් පාලන ආයතන 93 ක ඡන්දය විමසීම සදහා මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව ‘කැෆේ’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්කෝන් මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පාදක කොට ගෙන පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම පැවැත්විය හැකිය.

ඒ සදහා ඡන්ද විමසීම නිවේදනය කිරීමේ ගැසට් පත්‍ර‍ය ප්‍ර‍කාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බාධාවක් නැත. ඡන්ද සිතියම අකුලා දැමීමේ කුමන්ත්‍ර‍ණය පරාජය කළ හැක්කේ මෙම ආයතනයන් සදහා නාම යෝජනා කැදවීම මගිනි.

ශ්‍රීලනිපයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ගේ අනුදැනුම සහිතව සිදු කළ බවට විශ්වාස කරන පෙත්සම මගින් පලාත් පාලන ආයතන 203 ක ඡන්දය පැවැත්වීම අභියාචනාධිකරණය මගින් මේ වන විට තහනමට ලක් කොට ඇත.

නමුත්, නඩු නිමිත්ත බවට පත් වූ බහු ආසන ඇත්තේ එයින් 64 ක පමණී.

දෙහිවල ගල්කිස්ස, කැස්බෑව, කෝට්ටේ, මහරගම, හෝමාගම, පෑලියගොඩ, වත්තල මාබෝල, මිනුවන්ගොඩ, ජා ඇල හා බියගම ඇතුළු පලාත් පාලන ආයතන 93 ක ට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීම සදහා නියෝග නිකුත් කිරීමේ නෛතික බාධාවක් මේ වන විට නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here