ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා පුද්ගලයින් හයදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්.
ඒ මෙම පුද්ගලයින් හයදෙනා පසුපස ක්‍රියාත්මක වන දේශපාලන හස්තය කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට කාලයක් ගතවීම හේතුවෙන්.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට දේශපාලන හස්තය හඳුනාගෙන අවසන් බවට වාර්තා වේ.
මේ පිලිබඳ මුල්ම හෙළිදරව්ව සිදුකරනු ලැබුයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී,මෙම පෙත්සම ගොනු කිරීම පසුපස තමා සිටින බවට ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
ඔහු පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඒ සඳහා කටයුතු කර ඇති බවයි.ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපති මහජන සබඳතා අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා විසින් බවට වාර්තා වේ.