ඇලෝසියස්ට හලෝ කිව්වද? දයාසිරි ඔවු කියයි, අජිත් නෑ කියයි, සුජීව නිහඬයි

0
325

බැදුම්කර වංචාව  පිළිබඳ සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේදී කෝප් කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු අර්ජුන් අලෝසියස් සමග දුරකතන සබඳතා පැවැත් වූ බවට අනාවරණය වුණා.

කෙසේ වුවද තමාට සාධාරණයක් ඉටු කරන ලෙස  අර්ජුන් ඇලෝසියස් මහතා ඉල්ලා සිටියද එවැනි අවස්ථාවක් ලබාදිය නොහැකි බව ඔහුට ප්‍රකාශ කළ  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණට ප්‍රකාශයක් කළ අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේ අර්ජුන් ඇලෝසියස් සමග තමා කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවයි.

අර්ජුන් අලෝසියස් මහතා සමග අවස්ථා 62කදී පමණ දුරකතන සබඳතා පැවැත් වූ බවට සූජිව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය විය.

ඒ පිළිබඳ ඔහුගෙන් විමසීමක් කළ ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here