බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද(16) අනාවරණ වී තිබේ.
ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා මෙලෙස අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබදතා පවත්වා ඇති බව එමගින් නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.