බැඳුම්කර කොමිසම රහස් පොලිසියේ දෙදෙනකුගෙන් අද සාක්ෂි ගන්න යයි

0
197

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද (16) සාක්ෂි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පවසයි.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා බැඳුම්කර කොමිසම පසුගිය 2 වැනිදා විශේෂ සැසිවාරයක් පැවැත් වු අතර එහිදී සාක්කි ගත් නිලධාරීන්ට අමතරව තවත් නිලධාරීන්ගෙන් සාක්ෂි ගැනීම සඳහා කොමිසම පැවැත්වෙන බවත් උඩුගමසුරිම මහතා සඳහන් කළේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී පත්කරන ලද අතර, ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here