කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අතුරුදන්

0
234

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (15) මුද්‍රා තබනු ලැබීය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරයේ තිබූ සේප්පුව සහ තවත් කබඩ් කිහිපයක් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඊයේ පෙරවරුවේදී මෙලෙස මුද්‍රා තබනු ලැබීය.

අධිකරණය විසින් අදාළ නඩු භාණ්ඩ කාරමයේ තිබූ සේප්පුව සහ කබඩ් කිහිපය සීල් තැබීමෙන් අනතුරුව එහි වැඩිදුර විමර්ශනය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

නිවසක් බිද රුපියල් පන්ලක්ෂ විසි එක්දහසක් වටිනා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් ඉකුත් මැයි මස 05 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලද බී-73270/4/17 නඩුවට අදාළව පී ආර් 2153/2017 දරන නඩු භාණ්ඩය එම නඩු භාණ්ඩ කාමරයෙන් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

අදාළ නඩු භාණ්ඩය ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ඉකුත් ජුනි මස 12 වැනිදා පී ආර් 2153/2017 දරන අංකය යටතේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරය වෙත භාරදී ඇතැයි ද අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here