“නෛතික බාධාවක් නෑ” – මහින්ද මැතිවරණයට සූදානම්

0
295

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වීම සඳහා පැවති බාධා මේ වන විට අවසන්ව ඇති බව කළුතර, දොඩන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර පළාත් සභා හා පළාත් පාලන සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව කොළඹදී ඊයේ පා ගමනක් සංවිධානය කර තිබිණි.”ඇයට බලයක් – රටට වෙනසක්” යන්න තේමා කර ගනිමින් මෙය පැවැත්වුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනයක් හිමිවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.

“ජන්ද විමසීම තබන්නට කිසිම නෛතික බාධාවක් නැහැ.මොකද ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා.අපිට ලැබිලා තියෙනවා.ජන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ දිනය 17 වෙනිදා පැවැත්වෙන කොමිසම් සභා රැස්වීමේ තීරණය කරලා නිලධාරීන්ට,දිසාපතිවරුන්ට දන්වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here