සුබසාධනය හා සංවර්ධනය තුළින් රටට ශක්තිමත් ආර්ථිකයක්

0
256
සුබසාධනය සහ සංවර්ධනය අරමුණු කරගත් මෙවර අයවැය හරහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධික ණය බර සහිත ආර්ථිකයක් තම රජයට හිමිවූ අතර එය ක‍්‍රමක්ක‍්‍රමයෙන් අඩු කරමින් ජනතාවට සුබසාධනය ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.
අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.
තරුණ තරුණියන්ට රැකියා බිහි කිරීමට නම් මෙරට තුළ කර්මාන්ත සංවර්ධනය කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here