පෙට්‍රල් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව අද (14) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිතය.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙට්‍රල් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කළේය.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කළේය.
ඒ අනුව පසුගියදා මෙරට ඇතිවු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් ඉදිරියේ දී ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමටත් මෙම කමිටුව පත්කරනු ලැබීය.
මෙම කමිටුව සිදුකළ මුලික විමර්ශනවලින් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස් කර ඇති අතර එය අද දිනයේ ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසන්නේ වර්තමානය වන විට කිසිඳු ආකාරයක ඉන්ධන අර්බුදයක් නොමැති බවයි.
ඉදිරි දින කිහිපයේ දී තවත් ඉන්ධන නෞකා කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.