අය වැය ජනතාවගේ පැත්තෙන් විශාල බරක් එන අය වැයක් නෙවෙයි. මංගලගේ මංගල අයවැය වැඩිපුර මංගල කාරණා තියෙන අය වැයක්. අවමංගල කාරණා හරි අඩුයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මංගලගේ මංගල අය වැය ජය මංගලම් කියලා, සුබ මංගලම් කියලා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් පැවැසීය.
ඩිලාන් පෙරේරා මහතා මෙසේද කීය.
දැන් සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය අවුරුදු දෙක තුළම විශාල අරගලයක් කළා. මේ අය වැය එනකොට පසුගිය අය වැය දෙකම අපි දැක්කෙ අය වැයකට වඩා වැය වැයක් හැටියට. ආදායම් එන මාර්ග තිබුණෙත් නැහැ. රටට ඒ වගේම ජනතාවටත් සිදුවුණේ වැය විතරයි. අය නැහැ. ජනතාවට දෙනු විතරයි. ගනු තිබුණේ නැහැ. අය වැය ජනතාවගේ පැත්තෙන් විශාල බරක් එන අය වැයක් නෙවෙයි. මංගලගේ මංගල අය වැය වැඩිපුර මංගල කාරණා තියෙන අය වැයක්. අවමංගල කාරණා හරි අඩුයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මංගලගේ මංගල අය වැය ජය මංගලම් කියලා, සුබ මංගලම් කියලා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් අපි පැතුවෙ ජයමංගල අපිට ලැබුණා.
එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමැතිතුමා මංගල සමරවීර මැතිතුමා. එතුමාට තේරුම් ගියා මේක තනි යූ එන් පී ආණ්ඩුවක් නෙවෙයි. ඒ හින්දා හරිත අය වැයක් ගෙනල්ලාම හරියන්නේ නැහැ. ඒ හින්දා නීල හරිත අය වැයක් ගේන්න ඕනි. ඒ නිසා නීල හරිත අය වැයක් ගෙනාවා. හරිත කිව්වාම කොළපාට විතරයි වගේ. ඒ හින්දා නීල හරිත කිව්වොත් නිලුයි කොළයි දෙකම වගේ. ඒ හින්දා තමයි නීල හරිත අයවැයක් ගෙනාවේ.