යළිත් තෙල් අර්බුදයක් – ඇමැති අර්ජුන අනතුරු අඟවයි

0
236

නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් ප්‍රමාද වුවහොත් පසුගියදා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ(12) දිනයේ දී මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද පැනයටකට පිළිතුරු ලබා දෙමිනි.

තෙල් හිඟයකට මුහුණ දීමෙන් හොඳ පාඩමක් ඉගෙන ගත් බවත්, ඉදිරියේ දී තම අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කිරීමට හැකි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රටට මේ මොහොතේ මුදල් නොමැති බවත්, ආයෝජකයෙක් ගෙන්වා ගෙන හෝ තෙල් පිරිපහදුවක් සාදා ගත යුතු බවත් ඉන් වසර 5ක් තුළ දී ලාබ ඉපැයිය හැකි බවත් සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විට ඒ සම්බන්ධයෙන් හා තවත් කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටින බව ද කියා සිටියේය.‍

ඉන්ධන මිල ඉහල දැමීමේ අදහසක් තිබේද යන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූවේ රට තුළ ඉතා ඉහළ ජිවන වියදමක් පවතින බැවින් තෙල් මිල ඉහළ දැමීමකට කිසිසේත් අවතීර්ණ නොවන බවයි.

නමුත් ඉන්දියන් තෙල් සමාගම අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ඉල්ලූ බවත් ඊට රජය විරුද්ධ වූ බවත් බඩුමිල අඩුවෙන තෙක් ඉන්ධන මිල පාලනය කිරීමට කටයුතු කළ යුතු බවට තමා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here