ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයට හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදු කර නැහැ

0
472

ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයට හෝ ආරක්ෂක හමුදාවන්ට බලපෑමක් එල්ලවන ආකාරයට හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදු කර නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

යුද්ධය පැවති කාලයේ හමුදා කදවුරු සදහා පවරාගත්, එහෙත් මේ වන විට ති‍්‍රවිධ හමුදාවේ කටයුතු සදහා අවශ්‍ය නොවන ඉඩම් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නැවත නිදහස් කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, ඉදිරියට ද එසේ පවතින ඉඩම් එම ජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා නාරාහේන්පිට යුධ හමුදා රෝහල් ශ‍්‍රවණාගාරයේ දී ශී‍්‍ර ලංකා යුධ හමුදා නිළධාරින් අමතමිනි.

යුධ හමුදා බලඇණි අණදෙන නිලධාරින්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුථ 350 කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර සන්නද්ධ හමුදා සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයෙකු මෙවන් කණ්ඩායමක් එකවර ආමන්ත‍්‍රණය කළේ යුධ හමුදා ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. මෙහිදී යුද හමුදා නිලධාරීන් ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යුද්ධය කළ කිසිදු රණවිරුවෙකුට එරෙහිව වර්තමාන රජය යටතේ කිසිදු ආකාරයේ පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැති අතර එම රණවිරුවන් අගෞරවයට පාත‍්‍ර වන අයුරින් එවැනි පරීක්ෂණයක් ආරම්භ කර හෝ නොමැති බවයි. එහෙත් යුද්ධය අවසන්වූ පසුව ඇතැම් දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවය අනුව සහ පෞද්ගලික සම්බන්ධතා මත සිදුවූ යම් යම් සිදුවීම් පිළිබද ඇතැම් හමුදා නිලධාරින්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා යුද්ධය කළ කිසිදු රණවිරුවෙකුට යුද්ධය කිරීම හේතුවෙන් චෝදනා එල්ල වී නොමැති අතර, එවැනි චෝදනාවක් එල්ල වීමට ද තමා ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.
රටේ නීතියට, සදාචාරයට, නිදහසට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එකග නොවන අයුරින් දේශපාලනඥයින්ගේ අවශ්‍යතා අනුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති නිලධාරින් ඒවාට සම්බන්ධ නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් අධිකරණයෙන් නිදහස් වනු ඇති බව ද සදහන් කළ ජනාධිපතිතුමා ඇතැමුන් දේශපාලන වේදිකාවේ පවසන රණවිරු දඩයමක් කිසිසේත් රට තුළ සිදුව නොමැති අතර එම ප‍්‍රකාශ තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.රට තුළ ගෙනයන සංහි`දියා වැඩපිළිවෙළේදී ආරක්ෂක හමුදාවන් ඉටුකරන මෙහෙය අගය කළ ජනාධිපතිතුමා ජාතික ආපදාවන් සිදු වූ සෑම වස්ථාවකදීම තම ජීවිත පරදුවට තබා කි‍්‍රයාකිරීම පිළිබ`දව ද සියලූ ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත සිය ගෞරවය පිරිනැමීය.
තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය තුළ රට සංවර්ධනය කරා ගෙනයාමේදී ජාතික සංහිදියා ප‍්‍රතිපත්තියේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සාමකාමී සමාජයක් ලෙසින්, සාමය, සංහි`දියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සදහා ඉදිරියටත් සියලූදෙනාගේ සහය අපේකෂා කරන බව ද ප‍්‍රකාශ කළේය.
එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාද හා පහසුකම් ලබාදීමට රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවීමෙන් කටයුතු කළ අතර ඉදිරියට ද සියලූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම විශ‍්‍රාම ලැබූ සහ ආබාධිත වූ පිරිස් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ ද සුබසාධනය සහ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
සිය දේශනයෙන් අනතුරුව ජනාධිපතිතුමා හමුදා සාමාජිකයින් සමග සුහද හමුවකට ද එක් විය. ජනාධිපතිතුමාගේ මෙම දේශනය සියලූ ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකයින් 30,000 කට අධික පිරිසකට නැරඹීමට අවස්ථාව සළසමින් සජීවව විකාශය කිරීමට ද කටයුතු කර තිබුණි. ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here