වාහනවලට අලුතින් කාබන් බද්දක්

0
614

මෝටර් බයිසිකල් හා  මගී බස්රථ සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන බව  අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

මේ අනුව අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ද පැනවීමට තීරණය කර ඇත.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිෂ්පාදන බද්දක් පැනවීමට යෝජනා කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවාර්ය කිරීමට යෝජනා කෙරිනි.

ඒ මහතා මේ බව සඳහන් කළේ 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here