ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීමේ කාලීන කොන්ත්‍රාත්තු 3 ක් අහෝසි කිරීම වත්මන් තෙල් අර්බුදයට හේතුවිනැයි මේ වන විට නිල නොවන මට්ටමින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීම වෙනුවෙන් වන කාලීන කොන්ත්‍රාත්තු 3 අවලංගු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේය.
ඛණිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කාලීන කොන්ත්‍රාත්තු අවලංගු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුනි.
පෙට්‍රල් සඳහා වන කාලීන මිල කොන්ත්‍රාත් 3 අහෝසි කිරීමේ දි සංස්ථාව සතු ගබඩාවන්හි ඇති අත්‍යවශ්‍ය තොග සංචිත නිසි ලෙස තිබුණා ද නැද්ද යන්න පිළිබඳව මේ වන විට ඉහළම පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ඛණිජ තෙල් අර්බුදය පිළිබඳ සොයා බලා විසදුම් සෙවීමට ආචාර්ය සරත් අමුණුගම, පාඨලි චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කළ අතර එම කමිටුව මේ වන විට තෙල් පිරිපහදුව වෙත ගොස් මූලික පරික්ෂණ ආරම්භ කර තිබේ.