ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර පිළිබඳ පරික්ෂා කෙරෙන ජනාධිපති කොමිසම පත් කිරිම පිළිබඳව දෝෂාරෝපණය කරන ආණ්ඩුවේ පිරිස කව්රුන්දැයි අනාවරණය කර ගැනිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු තිරණය කරනු ලැබූහ.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම තිරණය ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඊයේ (09) දහවල් හමුවීමෙන් පසුවය.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති මාදුළුවාවේ සෝභිත නාමියන්ගේ දෙවර්ෂපූර්ණ ගුණ සමරුවේදි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කර ගැනිම සඳහා මෙලෙස හමුවිමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මීට සති දෙකකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදි එවැනි කරුණක් හෙළි නොකළ බව කී චමින්ද විජේසිරි මහතා අපේගම පරිශ්‍රයේදි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කර ගැනිම අත්‍යාවශය බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය බවද කීවේය.
බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂා කිරිමට කොමිසමක් පත් කිරිම ගැන දොස් කිව්වේ කව්රුන්ද, ඒ කවදාද, කවර ස්ථානයකදීද යන්න හෙළිකර ගැනිම අත්‍යාවශය බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා හමුවිමට දිනයක් හා වේලාවක් ඉල්ලා සිටිමේ ලිපිය මේ සතියේදිම යොමු කරන බවද මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.