මංගලගේ මංගල අය-වැය හෙට

0
724

ශ්‍රී ලංකාව පොහොසත් හා බලවත් ජනතාවක් වෙසෙන රටක් බවට පත් කිරීමේ ආර්ථික ක්‍රමෝපාය හා යෝජනා සහිත 2018 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවට හෙට (09දා) ඉදිරිපත් කරයි.

මුදල් ඇමැති මංගල සමරවීර හෙට සිය මංගල අය වැය වශයෙන් ඉදිරිපත් කරන්නේ නිදහස් ලංකාවේ 71 වන අය වැයයි.
මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය වැය මෙයයි. ජනතාව මුහුණ පා සිටින ආර්ථික කාරණා මඟ හරවා ගැනීම සඳහා මෙවර අය වැයෙන් උපාය මාර්ග හඳුන්වා දීම විශේෂත්වයක් වන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රට මුහුණ පා ඇති මහා ණය අභියෝගය ජය ගැනීම, අය හා වැය අතර පරතරය අවම කර ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පිණිස වන නව බදු ක්‍රම හඳුන්වාදීම, රැකියා වර්ධනය, ජනතාවගේ ආදායම වැඩිකිරීම සඳහාත් යෝජනා රැසක්ම මුදල් ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැයෙන් අපේක්‍ෂා කළ හැකි බව ද එම ආරංචි මාර්ග පවසයි.
අය වැය ලේඛනය හෙට ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බව කතානායක කරු ජයසූරිය ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අය වැය ලේඛනය පිළිබඳ විවාදය අනිද්දා (10දා) ආරම්භ කෙරේ. අය වැය විවාදය හෙවත් 2018 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 16 වැනිදා දක්වා පැවැත්වේ. ඡන්ද විමසීම එදින සවස 5.00ට සිදුකෙරේ.
තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම දෙසැම්බර් 09 වැනිදා සවස 5ට පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here