ද්විත්ව පුරවැසි බව නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට පියසේන ගමගේ මහතා පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව පියසේන ගමගේ මහතා හෙට (09) අයවැය ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇත.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුව වෙත ප්‍රවේශ වීම වැළැක්වෙනු ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.