අද පෙට්‍රල් මෙ.ටො 3000 ක් වෙ‍ළෙඳපොලට

0
233
අද(08) දිනයේත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් වෙ‍ළෙඳපොලට බෙදාහැරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
ඊයේ(07) දිනයේද මෙට්‍රික් ටොන් 3000ක පෙට්‍රල් තොගයක් ඉන්ධන හල් වෙත බෙදා හැරි බව එම අමාත්‍යංශය පවසයි.
දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් වුවද පෙරේදා දිනයේද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2600ක ප්‍රමාණයක් ඉන්ධන හල් වෙත යොමු කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසීය.
 මේ අතර වාහන වලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරිමෙන් වලකින ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව එම අමාත්‍යංශය පැවසීය.
 ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග පවතින හෙයින් වාහන වලට පමණක් ඉන්ධන ලබාදිය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කල බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here