පේෂලට ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් කැපිල්ලක්! මෛත්‍රීගේ උත්සවවලට ආරාධනා නෑ

0
219

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා සහ 05 වනදා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පැවැති විවෘත කිරීම් ඇතුළු කිසිදු උත්සවයකට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට ආරාධනා කර නොතිබූ බවට වාර්තා වේ.

මහවැලි අමාත්‍යාංශයේ, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන මහින්ද රත්නතිලක මහතාගේ පොළොන්නරුව නිවසේ පැවැති නිල උත්සවයට පවා පේෂල ජයරත්න මහතාට ආරාධනා නොකිරීම පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්‌ වී ඇතැයි වාර්තා වේ.

පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වන හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට මෙසේ ආරාධනා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වන බවත්, ඉදිරි දේශපාලන කුමන්ත්‍රණයක්‌ ලෙස මෙය හඳුනාගත හැකි බවත් ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ පේෂල ජයරත්න මහතාට මෙලෙස කෙනහිලිකම් කිරීම පිටුපස රජරට ප්‍රදේශයේ ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන ප්‍රබලම දේශපාලනඥයකුගේ නමක්‌ කියැවෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here