තෙල් අර්බුදය පසෙකලා ජනාධිපතිවරයා කිරි අර්බුදයක් පිළිබදව සිය මතය හුවා දක්වමින් කාලය ගෙවා දමන අතරේ අගමැතිවරයා බලය බෙදීම පිළිබද උත්සහයක නිරත වෙමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
තෙල් අර්බුදය විසදීම සදහා අමාත්‍ය කමිටුවක් පත්කරන්න
තෙල් අර්බුදය හේතුවෙන් මේ වන විට රට පුරා ජන ජීවිතය අවුල් වෙමින් පවතී. දෛනිකව රැකියාවට කර ගැනීමට නොහැකිව පිරිසක් ලතවෙන අතර තවත් පිරිසක් තෙල් අර්බුදය දඩමීමා කරගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් පාරිභෝගිකයා සූරාගෙන කෑමේ න්‍යාය අනුගමනය කරමින් සිටී.
එකම ආණ්ඩුවේ අමාත්‍යවරැ එකිනෙකා විවේචනය කර ගනිමින් ජනතාවට හාස්‍ය උත්පාදනය කරගනිමින් සිටින අතර ජනාධිපතිවරයා තෙල් අර්බුදය පසෙකලා කිරි අර්බුදයක් පිළිබදව සිය මතය හුවා දක්වමින් කාලය ගෙවා දමයි. අගමැතිවරයා බලය බෙදීම පිළිබද උත්සහයක නිරතවේ.
මෙම සියලු කාරණා අතරේ පාරිභෝගිකයා තෙල් අර්බුදයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම වන නිසා රට මුහුණපා තිබෙන තෙල් අර්බුදයෙන් ජනතාව බේරාගැනීම සදහා අමාත්‍යවරැන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ඉක්මනින් පත් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,මෙයට,
රංජිත් විතානගේ
සභාපති