අයි.ඕ.සී එක තෙල් ප්‍රශ්නයක් ඇති කළේ අර්ජුනව ඇමැති ධුරයෙන් පන්නන්න – ‘බලය බෙදන්න කලින් අනේ තෙල් ටික බෙදල හිටපන්’

0
483

අයි.ඕ.සී. එක මැදිහත් වෙලා තිස් වැනිදා තෙල් නැවක් එනවා කිව්වා. විසිහත් වැනිදා කිව්වා එන්නේ නැහැ කියලා. දැන් එතකොට ප්‍රමාණවත් පරිදි තෙල් නැහැ. පෙට්‍රෝලියම් එකේ තෙල් නැව එන්නේ නව වැනිදා විතර. මොකක්ද අයි.ඕ.සී.  එක කළේ. තෙල් අර්බුදයක් හැදුවා. මොකක්ද අරමුණ. අර්ජුන රණතුංගව අර්බුදයට පත්කරලා විෂය භාර අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස්වෙන්න වෙන වාතාවරණය හදන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (06දා) වීරකැටිය, කටුවැව විහාරස්ථානයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මම දැක්කා මුහුණු පොතේ තරුණයෙක් කියලා තියෙනවා. ‘බලය බෙදන්න කලින් අනේ තෙල් ටික බෙදල හිටපන්’ කියලා. ඒ වගේම තෙල් ටිකවත් බෙදාගන්න බැරි අය එනව මෙතැන බලය බෙදන්න’ කියලා. දැන් මේ තෙල් නැත්තේ ඇයි. මේක ඉතා බරපතළ කාරණයක්. ඉන්දියන් ඔයිල් සමාගම බාල තෙල් ඇතුළත් නැවක් අරගෙන ආවා. ලංකාවේ තෙල් වෙළෙඳපොළෙන් සියයට තිහක පමණ පංගුවක් අයි.ඕ.සී.  එක තමයි නියෝජනය කරන්නේ.

රටට තෙල් ගේන්නේ මාරුවෙන් මාරුවට. එක තෙල් නැවක් අයි.ඕ.සී.  එක ගේනවා. ඊට පස්සේ තෙල් නැව ඛනිජ තෙල් සංස්ථාව ගේනවා. පෙට්‍රෝලියම් එකයි, අයි.ඕ.සී.  එකයි මාරුවෙන් මාරුවට තෙල් නැව ගේන්නේ. අයි.ඕ.සී.  එක තෙල් ගේන නැවේ තෙල් ටික එක ටැංකියකට දාගන්නවා. දාගෙන දෙගොල්ලොම අදාළ අනුපාතයෙන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ අතර පෙට්‍රෝලියම් එක ගේන තෙල් නැව එනවා. ඒකත් අර ටැංකියට දාගෙන ආයිත් අර අනුපාතයට බෙදා ගන්නවා. දැන් පසුගිය දවස්වල තෙල් නැව ගේන්න තිබුණේ ඉන්දියන් ඔයිල් සමාගමට. ඔවුන් ගෙනාපු තෙල් ප්‍රමිතියෙන් බාලයි. ඒ නිසා මේ තෙල් නැවේ තෙල් ලබා ගැනීම පෙට්‍රෝලියම් එක ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියන් ඔයිල් සමාගම මේකෙදි කලබල වෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයාට බලපෑම් එල්ල කරනවා. මේ තෙල් ටික මිලදී ගන්න පොලඹවනවා. ඊට පස්සේ ඉන්දියන් ඔයිල් සමාගම කියනවා එහෙනම් අපි පසුගිය තිස්වැනිදා අලුත් තෙල් නැවක් අරගෙන එන්නම් කියලා. පෙට්‍රෝලියම් එක බලනවා දැනට තියෙන තෙල් ටික ප්‍රමාණවත් පළමුවැනිදා වෙනකල් අල්ලන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගේන්න කියලා. පෙට්‍රෝලියම් එක හිතනවා අයි.ඕ.සී.  එක මේක අවංකවයි කිව්වේ කියලා. හැබැයි විසිහත් වැනිදා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රෝලියම් එකට දන්වනවා තිස්වැනිදා නැව එන්නේ නැහැ කියලා. මේ මොකද මේ කරන්නේ. අර බාල තෙල් නැවේ බාල තෙල් ටික ගන්න පොලඹවනවා. ඒ තෙල් නැව යන්නෙත් නෑ. ත්‍රිකුණාමලය මුහුදේ නවත්තගෙන තියාගෙන ඉන්නවා. ඒ අතර යෝජනාවක් කරනවා අයි.ඕ.සී.  එක ඒ බාල තෙල් ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට දාලා උතුරු නැඟෙනහිරට විතරක් අපි ඒ ටික බෙදන්නම් කියලා. ඒ කියන්නේ උතුර, නැඟෙනහිර මිනිසුන්ගේ වාහනවලට බාල තෙල් අවුලක් නෑ. විෂය භාර අමාත්‍යවරයා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ ගමන අයි.ඕ.සී. එකට ඕන මොකක්ද?

මේකයි අපි හැමදාම කියන්නේ බලශක්තිය කියන එක වෙන රටවල්වලට, සමාගම්වලට හසුරුවන්න දෙන්න බැහැ. දුන්නම ඒ අය ඒක පාවිච්චි කරනවා ඒ අයගේ පරමාර්ථ වෙනුවෙන්. ඉන්දියන් ඔයිල් සමාගම මේ අද කරන්නේ එක්කො අර බාල තෙල් ටික මිලදී ගන්න පොලඹවනවා. ඒක ගන්නේ නැත්නම් තෙල් නැති වෙනවා. නැති වුණාම තෙල් ටිකවත් බෙදාගන්න බැරි විෂය භාර ඇමැති බවට අර්ජුන රණතුංග පත්වෙනවා. මිනිස්සු එහෙම කියන්න පටන් ගන්නවා. ඉල්ලා අස්වෙන්න හෝ අස්කරන්න වෙනවා. ඊළඟට වෙන විෂය භාර ඇමැති කෙනෙක් ආවම අයි.ඕ.සී.  එකට බාල තෙල් නැවක් අරගෙන අපට බෙදාගන්න පුළුවන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here