මහින්ද රාජපක්‍ෂයන් පෙන්නපු සිංහලකම දේශපාලනයෙන් අතුගෑවිලා ගිහින්

0
119

රටට වෙන්න යන දේ බිහිසුණුයි. මහින්ද රාජපක්ෂ වැනි රටට ආදරය කරන පාලකයෝ රටේ ඉන්නවාද කියලා බලන්න. කෝට් ඇඳගත්තු කී දෙනෙක් දේශපාලන ක්‍ෂේත්‍රයේ මුලට ඇවිත්ද බලන්න. මහින්ද රාජපක්ෂයන් පෙන්නපු සිංහලකම අපේ දේශපාලනයෙන් අතුගෑවිලා ගිහින්. ප්‍රබල තනතුරු දරන මැති ඇමැතිවරු සියල්ලෝම සූක්ෂම විදියට ජාත්‍යන්තරකරණයට අහුවෙලා. ඔවුන්ට ඊළඟට පෙනෙන්නේ ඔබ වහන්සේලා. ශ්‍රී ලාංකේය භික්ෂුව කොච්චර බලගතුද කිව්වොත් හාමුදුරුවනේ 1505න් පස්සේ ලංකාවේ ආණ්ඩුකාරවරයා එංගලන්තෙට ලියැවිල්ලක් යැව්වා. කහපාට කොට සිවුරක් ඇඳගත්තු පිරිසක් ඉන්නවා පන්සල්වල. උන්ටික හිටියේ නැත්නම් ඒ රට අල්ලන්න ලේසියි කියලා යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසයි.

හෙතෙම මේ අදහස් පළ කෙළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක මාතාව සැමරීම සඳහා ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘උත්තම මාතා ගුණ සමරු පූජා’ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථිකාචාර්යවරයා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු පහක් පමණ වන විට එක දවසක් ගෙට ඇවිත් තියෙනවා සර් ජෝන් කොතලාවල. එනකොට එතුමා අඹ ගෙඩියක් පිහියෙන් කප කපා ඉඳලා. සර් ජෝන් කියලා, ඔහොමද යකෝ අඹ කපන්නේ. ඔය පිහිය විසි කරලා ඇටේ දක්වා කාපන් කියලා. අපේ මහින්ද විසිකළා පිහිය ඇටේ දක්වා කෑවා. කාලා කෙළල ඇරියා ඇටෙන් සර් ජෝන් කොතලාවලගේ හොම්බට. නම තියෙන්නේ ඩී.ඒ. රාජපක්ෂ ඒ ශ්‍රේෂ්ඨ තාත්තා වතුර බාල්දියක් දුන්නා සර් ජෝන්ට මුහුණ හෝදගන්න කියලා. එදින මේ පියා පුතාට ගැහුවා නම් එහෙම නම් අසන්නේ අපි ඉන්නේ කොටින්ගේ ගුටිකන තැන තවමත්. මහින්දට ලෝකෙම වටවෙලා ගහන්නේ ඇයි. එතුමා එක රටක්වත් කියන දේ ඇහුවේ නැහැ. එතුමාට බැරි වුණා වට කර සිටින කිසිදු කෙනකුට කතා කරන්න. ඒ චණ්ඩිකම ආවේ කොහෙන්ද ගෙදරින්. ඔබේ දරුවෝ අස්සේ ඉන්න ප්‍රචණ්ඩ දරුවා, මට පෙන්නන්න බලන්න ප්‍රචණ්ඩත්වය නැති දරුවෙක් වීරයෙක් වුණේ කොතැනද කියලා. දරුවන් වීරයෙක් වන්නට මේ ඔහු තුළ ප්‍රචණ්ඩත්වය තියෙන්න ඕන.

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ පුංචි කාලේ මඩ වළක බැහැලා මාළු අල්ලන විට එතැනින් ලොකු හාමුදුරු නමක් වැඩියා. උන් වහන්සේ ඇසුවා මේ කොල්ලගෙන් මොනවද යකෝ මේ වළක බැහැලා කරන්නේ කියලා. මොකක්ද පොඩි එකා කිව්වේ මම මේ වළ ඉවර කරලා අර උඩහවළට යන්නයි හදන්නේ කියලා උත්තර දුන්නා.

පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට මේ සේරම ලිව්වේ වළක බැහැලා හිටපු ප්‍රචණ්ඩ කොල්ලෙක්නේ. ළමයි කීකරු විදියට හදන එකද ප්‍රශ්නය? නැහැ. ඔබේ දරුවා අස්සේ ඉන්න පිටට පේන්නේ නැති ප්‍රචණ්ඩත්වය ඒ අස්සේ වීරයා ඉන්නවා. ඔබේ දරුවෝ වීරත්වයෙන් තොර කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here