2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු විත්තිකරුවන් අටදෙනා වරද පිළිගෙන ඇත.මෙම නඩුව 2016 වසරේ සැප්තැම්බර් 26දා සිට කොළඹ මහාධිකරණයෙදී විභාග කරන ලදී.
මෙවැනි පැහැරගෙන යාමේ සිද්ධීන් හරහා වත්මන් රජයේ කීර්තිනාමයට හානියක් සිදුවනවා නොවේ දැයි මුලික මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම චෝදනා තමන්ට මිස ආණ්ඩුවට එල්ල වූ චෝදනා නොවන බැවින් ඉන් ආණ්ඩුවට බලපෑමක් සිදු නොවන බවයි.