නිකායන් තුනෙහිම මහා සංඝරත්නය සහ බහුතරයක් කියන දේ රාජිත ඇමැතිතුමාට පිළිගත නොහැකි නම් රාජිත සේනාරත්න ඇමැතිවරයා මුණ ගැසුණු විට “මහත්තයාට බැරි නම් යන්න මේක කවුරු හරි කරයි” කියා තමන් වහන්සේ ඇමැතිවරයාට පවසන බව රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියෝ පැවසූහ.
රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මවුපියන් පිරිසක් පෙරේදා (04දා) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී මහ නාහිමියෝ මෙසේද කීහ.
සංඝරත්නය තුන් නිකායම සහ ජනතාව වැඩි කොටසක් කියනවා නම් ඇයි ඒක රාජිත ඇමැතිවරයාට අහන්න බැරි. රජයේ තියෙන නීති අනුව වෛද්‍ය සිසුන් රජයේ විභාගවලටත් පෙනී සිටින්නට ඕනෙ. නැති නම් මේක පතෝල කඩවල් වගේ වෙයි. සේනාරත්න ඇමැතිතුමා මුණ ගැසුණොත් මම කියන්නේ ඒකයි. “මහත්තයාට බැරි නම් යන්න, කවුරු හරි කරයි” කියලා.
ඒ අයට යන්න කියන එකයි තියෙන්නේ. සේනාරත්න දොස්තර මහත්තයත් මේ අවස්ථාවේදී සාධාරණත්වය ඉටු කරන්න ඕනෙ. නිකායන් තුනෙහිම මහා සංඝරත්නයේ තීරණය ගැන සිතන්න ඕනෙ. සේනාරත්න ඇමැතිතුමා ඇත්ත පිළිගන්න ඕනෙ. මාරාන්තික උපවාස වැනි දේට යන්න කලින් ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවකට අවස්ථාවක් ගන්න. ඊට පසුව මේ අදහස් ජනාධිපතිවරයාට ලබාදෙන්න පුළුවන්.