ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහ්මිවීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා ලැයිස්තුව බල ශුන්‍ය වන්නේදැයි අධිකරණ මතය විමසිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ඒ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට සැකයක් මතුව ඇති බැවින්,ඒ පිළිබඳව කඩිනමින් සොයා බැලිය යුතු බව ඔහුගේ අදහසයි.