කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව තරඟ වදින බවට ප්‍රකාශයක් කරන ලදී.
එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
දිස්ත්‍රික් නායකයා ලෙස තමා සහ බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල් මහතා එක්ව ජාතික නාමයෝජනා මණ්ඩල උපදෙස් මත අපේක්ෂකයින් තේරීමේ කටයුතුද මේ වන විට සිදුකරමින් පවතින බවයි.