හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද(02) උදෑසන සිය නිවසේ දී දේශිය ජනතා පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කළේය.
රට වෙනුවෙන් ඉදිරියට යා හැකි සියලු ජාතින් හා ආගම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම නව පක්ෂය බිහි කළ බව එහිදි පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මර්වින් සිල්වා මහතා පැවසීය
සිය දේශපාලන ප්‍රතිපත්තීන්ට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙක් සමඟ දේශපාලන ඉදිරි ගමන යෑමට තීරණය කළ බවත් පැවසු මර්වින් සිල්වා මහතා පැවති සියලු ආණ්ඩු කෙරෙහි තමා නොසතුටට පත් වන බව ද කියා සිටියේය.
බොරු ව්‍යවස්ථාවක් පෙන්වමින් රට කඩන්න පැමිණෙන ඕනෑම අයෙක්ට විරුද්ධව තමා නැගී සිටින බව ද මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.
වර්තමානයේ පවතින යහපාලන ආණ්ඩුව තුළත් යහපාලනයක් දක්නට නොලැබෙන බවත්, කෙසේ හෝ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තම පක්ෂය තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ද මර්වින් සිල්වා කියා සිටියේය.