නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ රහස් දේශපාලන සාකච්චාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න,සුසිල් ප්‍රේම්ජයන්ත්,ටී.බී.ඒකනායක,නිමල් සිරිපාල ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහත්වරුන් එක්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගාමිණී ලොකුගේ,කෙහෙළිය රඹුක්වැල්ල,ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් මීට එක්වී ඇත.
සාකච්චාව අරඹා සුළු වේලාවකින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.