නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද පෙරවරු 11.00ට අද අත්සන් තැබීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ප්‍රදේශිය සභා 04ක් ස්ථාපිත කිරිම සඳහා ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව නව ගැසට් පත්‍රය නිකුත් කිරිම සඳහා පැවැති ගැටළුව විසඳී තිබේ.
මෙම ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට ස්වාධින මැතිවරණ කොමිසම වෙත බලය හිමිවනු ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසයේ පවත්වන බව රජය ප්‍රකාශ කර තිබේ.