ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබඳ විවාදයේ දෙවන දිනයේ විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.පියදාස මහතාගේ අදහස් දැක්වීම විශේෂත්වයක් විය.
ඒ මේ දිනවල සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වීම යන්නෙහි දමිළ අරුත ලෙස ඔරුමිත්තනාඩු වචනය පිලිබඳ පැහැදිලි කිරීම හේතුවෙනි.
මන්ත්‍රීවරයා සිංහල බසින් අදහස් දැක්වීමෙන් පසුව දමිළ භාෂාවෙන් අදහස් දක්වන අවස්ථාවේ දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විශේෂ අවධානයකින් යුක්තව සවන් දෙනු දක්නට ලැබිණි.