මහින්ද සාකච්ඡාවට සූදානම් වෙද්දී වෙල්ගම තනිවම එන බව කියයි

0
724

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය තනිව තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිමකර දිවයිනට පැමිණි පසු ඒ පිළිබද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

බදුල්ල – වියලුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය රැකගැනීම සඳහා ඕනෑම පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here