මම කොහොමත් අස්වෙන්නයි හිටියේ

0
178

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පෙරේදා (29දා) රාත්‍රියේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතාව එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
ඊට අදාළ ලිපියට ජනාධිපතිවරයා විසින් අත්සන් කර තිබෙන අතර, මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා කියා සිටියේ මේ වනතුරුත් අදාළ ලිපිය තමාට නොලැබුණු බවයි.

නව ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් ඊයේ (30දා) තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර සිටි බවත් එම ආරංචිය දැනගෙන දෝ තමා ඉවත්වීමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවැසීය.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වුවද මන්ත්‍රි ධුරයේ තවදුරටත් රැඳී සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වී එජාප විරෝධී සටන ඉදිරියට ගෙන යන බවත් හෙතෙම කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ අවුරුදු 64ක් තිස්සේ තම පවුල ‍දොම්පේ ආසනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩකළ බවත් තනතුරු අහිමි වුවද ඉදිරියේදී දේශපාලනයේ නියැලී සිටින බවත් තනතුරුවලට වඩා ජනතාව තමාට වටිනා බවත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here