බලය ගිලිහී යෑම නිසා වීරවංශලා වියරු වැටිලා

0
233

විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ප්‍රකාශ කළා. ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා අතරේ මෙම පිරිස මානසික වෛද්‍යවරුන් හමුවටද ඉදිරිපත් කළ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසයි.
උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේ වීරවංශ මහත්මයා විකාරරූපී මනසක් තියෙන කෙනෙක්. සියල්ල දෙස බියකින් බලන එසේ නොවන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙහෙම කතාවක් සාමාන්‍ය පුද්ගලයකුට කියන්න බැහැ. මේ ප්‍රකාශය කොහොම කිව්වත් බරපතළ ප්‍රකාශයක්. මේ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණ කළ යුතුයි. කෙනෙක් තව කෙනකුව මරණවා කියලා කිව්වා වගේ කතාවක් මේක. එහෙම කිව්වාම මරන්නත් පුළුවන් නොමර ඉන්නත් පුළුවන්.

වීරවංශ මහත්මයා ඇතුළු කණ්ඩායම අද බලය ගිලිහුණ වියරුවෙන් බෝම්බ ගසා හෝ බලය ලබාගත යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ විකාරරූපී කතා කියවෙන්නේ. කොහොම හරි බලය ගත්තේ නැත්තම් ඔවුන්ගේ නඩුවලට බේරුමක් නෑ කියන එක අද තේරිලා තියෙනවා. මේ ඒකාබද්ධ විපක්ෂය සෑදී තියෙන්නේ අපරාධ, දූෂණ, වංචා කළ පිරිසකගේ එකතුවෙන්. ඒ අය ඒවා වහගන්න කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් ජනතාවගේ ඔළු සේදීමට මෙවැනි ප්‍රකාශ කරනවා වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේක සුළුවෙන් තකන්න බැරි කතාවක්.

මේ රටේ උත්තරීතර ආයතනයට බෝම්බ ගහනවා කියලා කියන්න පුළුවන්ද? මේ දියුණු ලෝකයේ ජීවත් වන මනුස්සයකුට බෑ. මේ රටේ දෙකෝටි තිස්ලක්ෂයක විතර ජනතාවගෙන් ඇයි එතුමට විතරක් මෙවැනි විනාශකාරී සිතිවිලි එන්නේ. ඒකට හේතුව ඔහුගේ මානසිකත්වය. ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here