පාර්ලිමේන්තු නියොජිතයෝ අද නාය ගිහින්

0
194
මේ වන විට ව්‍යවස්ථාදායක තුළ රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු නියොජිතයින්ගේ තත්ත්වය ලංකා ඉතිහාසයේ කිසි දිනෙක නොවු විරු ලෙස නායගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද(31) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පොලිස් රාජ්‍ය සංකල්පය යටතට ගෙන ඒමට ඉතා පැහැදිලි උත්සහයක් රජය විසින් ගනු ලබන බව ද මන්ත්‍රීවරයා මෙහිදී තව දුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් ඊයේ(30) දිනයේ දී ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ රැස්වු අතර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අවසන් කර පාර්ලිමේන්තුවට නැවත පැමිණිමේ දී ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කර ලංකා ඉතිහාසයේ පළමුවරට මන්ත්‍රිවරයෙකුට පාර්ලිමේන්තුවට පැමිණිමට බාධා කර තිබු බවට ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී චෝදනා කර සිටියේය.
1989 සිට තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එවැනි ක්‍රියාවක් මින් පෙර නොවු බවත්, සුදු වෑන් සංස්කෘතිය ගැන කතා කරන බොහෝ ලංකාවේ තරුණ තරුණියන්ට මීනි තොග පිටින් ගොඩ ගසා තිබු ඉතිහාසය අමතක බව ද මන්ත්‍රීවරයා පැවසීය.
අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට හිමිව ඇති ඉරණම ඉතා ඛේදනීය බවද පැවසු මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර වැනි අයට මහජන නියෝජනයෙකු ලෙස ජාතික සම්පත් විජාතීකරණයට විරුද්ධ වීම සම්බන්ධයෙන් අද වන විට එයට මුහුණ දීමට සිදුව ඇති බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here