ශ්‍රී ලංකාව ආසියාවේ ආලෝකය වෙන හැටි මහින්ද ෆේස්බුක් සටහනකින් කියයි

0
148

වර්තමානයේ අප රට තුළ මාතෘකා ගණනාවක් පිළිබඳව කතිකාවතක් ඇති වී තිබෙන බවත් එම මාතෘකා සඳහා උතුරේ සහ දකුණේ ජනතාවද ඇතුළුව සමස්ත රටෙහිම ජනතාව එක්වී විසඳුම් සෙවිය යුතු බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුමෙහි දක්වා ඇත.

එම සටහනේ මෙසේද දැක්වේ.

අද මතුවී තිබෙන වැදගත් මාතෘකාවක් තමයි හිටපු කොටි සාමාජිකයන් නිදහස් කළැයි කියන දෙය. වැදගත්ම කාරණය වෙන්නේ මම එදා යුද්ධයක් ආරම්භ කළේ කොටි සංවිධානයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවේය.

හිටපු කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජගත කළ යුතුය කියන ස්ථාවරයේ මා සිටිනවා. ඒ අනුවයි මම 12,000ක් පමණ කොටි සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරියේ.

දෙමළ ජනතාවත් අප රටේ පුරවැසියෝ. ඔවුන් අපේ සහෝදර සහෝදරියන්. එය මා හැමවිටම විශ්වාස කළා. දෙමළ පක්ෂ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය පිළිබඳව උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක්. නමුත් ඒ අය දේශපාලනයේ යෙදී ඉන්නවා. ඒ බලයේ සිටින රජයේ පැවැත්ම වෙනුවෙනුයි. දෙමළ ජනතාව හරියට ඇස් ඇරලා බැලුවොත් එයාලා මේ රැවටීම දකීවි.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළොත් ශ්‍රී ලංකාව එකම රටක්, එකම ජාතියක් හැටියට එක්සත් වුවවොත් මා විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට නැවතත් ආසියාවේ ආලෝක ධාරාව බවට පත්වන්නට හැකිවේවි කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here