රට ජාතිය රැක්කේ කසිකබල් දේශපාලන පක්ෂ නෙමෙයි

0
615
වසර 2500 කට අධික කාලයක් පුරා රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළේ දේශපාලන පක්ෂ නොවන බවත්, ඒ වෙනුවෙන් ගිහි පැවිදි දෙපාර්ශවය අගනා මෙහෙවරක් ඉටු කළ බවත්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
අද(27) පැවති යුතුකම සංවාද කවයේ බෙඳුම්වාදී ව්‍යවස්ථාව එපා යන මාධ්‍ය හමුවට සහභාගී වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.
1983 ජූලි කලබල එවකට පැවති ආණ්ඩුව විසින් රට තුළ ඇති කළ බවත්, එහිදී සිදුකළ මැදිහත් වීමට ප්‍රතිඵලයක් ලෙස තමාට ඒකීය යන වචනය ව්‍යවස්ථාවට ඇතුළු කළ බවත් පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියන් භික්ෂුව ජාතියේ මුරදේවතාව ලෙස හඳුන්වන ලෝකයේ එකම රට ලංකාව බවද කියා සිටියේය.
පසුගිය දා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි කාරක සංඝ සභාව විසින් සිදු කරනු ලැබූ විග්‍රහය පිළිබඳ අගමැතිවරයා දැක්වු ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වන බවත්, මාධ්‍යයට පවා ජනතා මුදල්වලින් නඩත්තු වෙන බැවින් යථාර්ථය පළ කිරීමට හැකියාව ලැබිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
ජාතිවාදය යන වචනය පවා ගෙන එන ලැබුවේ දේශපාලඥයින් කිහිප දෙනෙකු විසින් වන අතර අද වන විට දේශපාලන පක්ෂ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති වීම අර්බුධයක් බවට පත්ව ඇතැයි ද ගුණවංශ හිමියන් කියා සිටියේය.
කෙසේ හෝ පැය 24 පුරා රට තුළ සිදුවන දේ පිළිබඳ අවධානයෙන් සිටින බවත්,  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය රැගෙන පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාගෙන් ඉදිරි දින කිහිප තුළ දී ගෙන එනු ලබන ව්‍යවස්ථාවට එරෙහිව තම ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලා සිටින බවද ගුණවංශ හිමියන් පැවසීය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ ද බරපතළ ප්‍රශ්නවලදී සාකච්ඡා පවත්වා ඇති බවත් ඔවුන්ගෙන් ද ව්‍යවස්ථවට එකඟතාවයක් හිමි නොවීමට කටයුතු කරන ලෙස දන්වා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here